Monday, August 27, 2012

The Speaking Tomb.....


The evening sun had gone its way,

And I stood still until its last ray;

Swaddled in veil, I glittered gay,   

But no life within, disgust filled my bay.

 

Soon people gathered, shouldering a coffin,

Brightly varnished, yet a dumb corpse within;

We neither greeted nor shared anything,

They circled round me, and pushed the coffin in.

 

Howled the wind and rattled my veil,

They set me on fire with the northern gale;

Flames grew up, gulped all without fail,

People around me, gazed and wailed.

 

White-washed I, soon became grey,

Ashes then remained, but wind took them away;

No one stood still, each turned to his way,

Such is your fate if you’re a tomb, I say.

 

Sunday, August 26, 2012

මියෙන තුරාවට ඔබේම වී...


අඳුරු සෙවනැළි 
ඳසත වටලා 
ඇයිද මා මෙසේ 
ඟනඳුරු උමඟක 
අතරමංවී ජීවිතේ... 

නිම් තෙරක් නොපෙනෙයි 
එළිය දකිනට 
දුවමි දස අත 
සොයා හමුවන තුරු 
සහන් එළියක් 
කොහේ හෝ... 

බිඳී මගෙ මුඵ 
දෑත් දෙපයත් 
වැතිර සිටියෙමි 
නැතුව සරණක් 
දකින තුරු ඔබේ ආලොකේ 
ප්‍රඥාවේ... 

ජේසුනී ඔබ 
එළියයි සඳහට 
දුව ආවෙමි මා 
ඔබ පා සෙවනට 
ඇසුනු විගස ඔබෙ කටහඬ 
ජීවනයේ... 

විවර කරනු මැන 
අංඳවු මගෙ නෙත් 
සුව කරන්න මගෙ 
මෙබිඳුන අත පය 
හැක මට ඒ විට 
කරන්න එලසම... 

මෙහෙ කරන්නම් 
සමිඳෙ ඔබට මං 
ඔබ මට දුන් හැම 
දේ හා සමඟින් 
මියෙන තුරාවට 
ඔබේම වී මම...

Wednesday, August 15, 2012

ප්‍රේමයාණනී, නමස්කාර වේ!



ප්‍රේමයාණනී, නමස්කාර වේ! 
මහා ප්‍රේමෙනී, නමස්කාර වේ!

ඉවසුම ඇත්තේ කොතැනද, ප්‍රේමය එතැනයි 
කරුණාව ඇත්තේ කොතැනද, ප්‍රේමය එතැනයි 
පාරට්ටු කරන්නේ නැතිතැන, ප්‍රෙමය පවතියි 
උඩ්ඟු නොවන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි 

ඉරිසියාවන්නේ නැතිතැන, ප්‍රේමය පවතියි 
හනික කිපෙන්නේ නැතිතැන, ප්‍රේමය පවතියි 
විනීත වන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි 
පරාර්ථකාමී වනතැන, ප්‍රේමය පවතියි 

නපුරු සිතක් නැති අය ළඟ, ප්‍රේමය පවතියි
සමාව දෙන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි 
අනුනට යහපත කරන්නෙ, ප්‍රේමය පමණයි 
හරි දේ ගැන ප්‍රීති වෙන්නෙ, ප්‍රේමය පමණයි 

සියල්ල කළ හැකි  වන්නේ, ප්‍රේමෙට පමණයි 
විශ්වාසෙට ඉමක් නැත්තෙ, ප්‍රේමයෙ පමණයි 
බලාපොරොත්තුව අත්තේ, ප්‍රේමයෙ පමණයි  
සඳාතණික වන්නේ ඳෙව් ප්‍රේමය පමණයි