Showing posts with label 26/08/2012 in Chennai. Show all posts
Showing posts with label 26/08/2012 in Chennai. Show all posts

Sunday, August 26, 2012

මියෙන තුරාවට ඔබේම වී...


අඳුරු සෙවනැළි 
ඳසත වටලා 
ඇයිද මා මෙසේ 
ඟනඳුරු උමඟක 
අතරමංවී ජීවිතේ... 

නිම් තෙරක් නොපෙනෙයි 
එළිය දකිනට 
දුවමි දස අත 
සොයා හමුවන තුරු 
සහන් එළියක් 
කොහේ හෝ... 

බිඳී මගෙ මුඵ 
දෑත් දෙපයත් 
වැතිර සිටියෙමි 
නැතුව සරණක් 
දකින තුරු ඔබේ ආලොකේ 
ප්‍රඥාවේ... 

ජේසුනී ඔබ 
එළියයි සඳහට 
දුව ආවෙමි මා 
ඔබ පා සෙවනට 
ඇසුනු විගස ඔබෙ කටහඬ 
ජීවනයේ... 

විවර කරනු මැන 
අංඳවු මගෙ නෙත් 
සුව කරන්න මගෙ 
මෙබිඳුන අත පය 
හැක මට ඒ විට 
කරන්න එලසම... 

මෙහෙ කරන්නම් 
සමිඳෙ ඔබට මං 
ඔබ මට දුන් හැම 
දේ හා සමඟින් 
මියෙන තුරාවට 
ඔබේම වී මම...