Showing posts with label 29/09/2014. Show all posts
Showing posts with label 29/09/2014. Show all posts

Monday, September 29, 2014

ආදර ලොකු අම්මා!

කැත කුණු ඔබයි අත ගෑවේ අප සෑමගේ
අම්මා ළගට ලොකු අම්මා ඔබ අපගේ
අපෙ පින්තූරු දෙව් පාමුල, ඔබ යැදුවේ
නිදුකින්, යහපතින් ඉන්නයි ඒ පැතුවේ

හැඩි දැඩි වුන අප හැමගේ හොද දවසේ
සාරිපොට හපාගෙන ඔබ සතුටින් හැඬුවේ
අපෙ ලෙඩ දවසේ හෝ දුක්වූ ඒ දවසේ
චීත්තේ කදුළු, ඔබ දෙවියන්ටම කීවේ

මුහුදු හතක් දුර හෝ කොහෙ සිටියත් අපිට
කර කී සෑම දේකකඳිම දැණුනේ ඔබෙ යැදුම
ඔබ නැති අඩුව දැනේවි අපෙ හෙට දවස
දෙවි තුරුළට වෙලා යදින්න ඔබ ඒ දවස

ගාබ්‍රියෙල්, මිකායෙල්, රෆායෙල් ඳූතයෙනී
ඔබෙ මංඟළ දිනේ ඈ ගෙන කොහෙදැ ගියේ
දෙව් මව් තුරුළෙ ඈ සැතපුන මේ දවසේ
සුරකැළ පිරිවරා ඈ අප දෙස බලනු දැනේ

අම්මට අම්මා, අප හැමගේ ලොකු අම්මා
බැහැ ඒ අඩුව පුරවන්නට කිසි ලෙසිනා
ඔබ ගිය දෙවිඳු මඟ අප හැම යන ලෙසිනා
දෙව් ළඟ ඉදන් යදින්න, ආදර ලොකු අම්මා!