කපාල කඳු මුදුනේ
මියැදෙන තම පුතුගේ
කුරුසේ පාමුල ඉකිගසමින්
හඬනා ඔබ අම්මේ
ඳේව කැමැත්තට ඔබ බහ දුන්නේ
කුරුසේ ගමනක් යන්නද අම්මේ
මෘදු හද දැඩිකර පුතුනට දිරි දුන්
ඔබ අම්මා තනිවී අද පුතු ලඟ
ආරම්භයෙ සිට අන්තිම බිඳ තෙක්
ඔබ රස බැලුවේ තිත්ත පාත්ත්‍රය
හිල්විය හදවත කඩුපහරක් මෙන්
යාග වුනා අම්මා පුතු සමගින්