Tuesday, September 18, 2012

මේ කවිදාගේ කවියයි...

ඈ කවියකි
කඳුළු පිරිනු දෙනෙතින් යුතුව ඈ මේ ගයන්නේ
කඳුලින්ම ලියැවුනු ඇගේම ජීවන කවියයි....
එත්,
ඒ අනුක්ම්පාව අපෙක්ෂාවෙන් නම් නොවෙයි
ඈ නීතියේ සරණ යදින්නේද නැත
නමුත්,
ඈ දහමේ පිහිට පතයි
ඒ,
තිරිසන් වුන මනුෂ්‍යයත්වය
සැබෑ මිනිසත් බවක් ගන්නා තුරුයි
ඇගේ කවිය අසන්න
මේ කවිදාගේ කවියයි....

මව් දෙතනේ කිරි උරා බොන සද
ඈ අහිංසකාවියකි
බැළ මෙහෙකමට යටවී තම බාළවිය ගෙවන්නට ඌයෙන්
ඈ බාළ මෙහෙකාරියකි
සිප්කිරි නොඋරාම මුළුතැන්ගෙයක මල්වරවන දා
ඈ දාසියකි සුදන වෙස්ගත් දුදන පිපාසෙක ගොදුර ඈ වූයෙන්
ඈ දූෂණය කරනු ලැබුවෙකි
බිඳුනු පතිවත රැගෙන දෙමාපිය සරණ සොයන කල
ඈ එපා කරනලද දියණියකි
විශ්වාසයක් නැති නමුදු යුග දිවියකට ප්‍රිය කළ සද
ඈ අපිරිසිඳු භර්ය්‍යාව්කි
එරිය යුතුමුත් තම දෙතනේ කිරි, එය නෝඑරෙනා කල
ඈ අම්මා කෙනෙකි
නොඉවසුම් අසංවර තිරිසන් ආළය තවත් නොදරා සිටි දා
ඈ වැන්දබුවකි
පිටි කිරි වෙනුවට කොත්තමල්ලි වතුර තම දූට පොවන අද
ඈ මහමඟ හිගන්නියකි

එත්,
ඈ තවමත් ගහැනියකි
ඈ වීර ගැහැනියකි
අගේ කවිය තවම ඉවර නොමත!

Tuesday, September 4, 2012

සැබෑ මිඳි වැල ඔබයි සමිඳුනී...

සැබෑ මිඳි වැල ඔබයි සමිඳුනී 
ඔබෙන් පොහොනිව වැඩෙන අතු මම 
ඵල දරණා අතු ඔබ පාහින්නේ 
ඵල නොදරණ අතු කපා ඳවන්නේ 

තිබෙන තුරු අතු බැඳී මිදිවැල 
ඵලදැරිය හැක දහස් වරකට 
ඔබෙන් පොහොනිව වැඩෙන තුරු මම 
ඵල දරන්නම් ඔබට මහිම ගෙන 

මිඳිවැල ඵල නැහැ නැතිනම් එහි අතු 
අතු පවතින්නෑ නැතිනම් මිඳිවැල 
මට සමිඳේ ඔබ ඔබට සමිඳෙ මම 
ඒ ඇති මගෙ මුළු ඳිවිය තුරාටම