Tuesday, September 18, 2012

මේ කවිදාගේ කවියයි...

ඈ කවියකි
කඳුළු පිරිනු දෙනෙතින් යුතුව ඈ මේ ගයන්නේ
කඳුලින්ම ලියැවුනු ඇගේම ජීවන කවියයි....
එත්,
ඒ අනුක්ම්පාව අපෙක්ෂාවෙන් නම් නොවෙයි
ඈ නීතියේ සරණ යදින්නේද නැත
නමුත්,
ඈ දහමේ පිහිට පතයි
ඒ,
තිරිසන් වුන මනුෂ්‍යයත්වය
සැබෑ මිනිසත් බවක් ගන්නා තුරුයි
ඇගේ කවිය අසන්න
මේ කවිදාගේ කවියයි....

මව් දෙතනේ කිරි උරා බොන සද
ඈ අහිංසකාවියකි
බැළ මෙහෙකමට යටවී තම බාළවිය ගෙවන්නට ඌයෙන්
ඈ බාළ මෙහෙකාරියකි
සිප්කිරි නොඋරාම මුළුතැන්ගෙයක මල්වරවන දා
ඈ දාසියකි සුදන වෙස්ගත් දුදන පිපාසෙක ගොදුර ඈ වූයෙන්
ඈ දූෂණය කරනු ලැබුවෙකි
බිඳුනු පතිවත රැගෙන දෙමාපිය සරණ සොයන කල
ඈ එපා කරනලද දියණියකි
විශ්වාසයක් නැති නමුදු යුග දිවියකට ප්‍රිය කළ සද
ඈ අපිරිසිඳු භර්ය්‍යාව්කි
එරිය යුතුමුත් තම දෙතනේ කිරි, එය නෝඑරෙනා කල
ඈ අම්මා කෙනෙකි
නොඉවසුම් අසංවර තිරිසන් ආළය තවත් නොදරා සිටි දා
ඈ වැන්දබුවකි
පිටි කිරි වෙනුවට කොත්තමල්ලි වතුර තම දූට පොවන අද
ඈ මහමඟ හිගන්නියකි

එත්,
ඈ තවමත් ගහැනියකි
ඈ වීර ගැහැනියකි
අගේ කවිය තවම ඉවර නොමත!

No comments:

Post a Comment