Showing posts with label 21/06/2006 in Noviciate. Show all posts
Showing posts with label 21/06/2006 in Noviciate. Show all posts

Tuesday, July 31, 2012

උතුම් පඬුර...


















පුඳසුන මතුයේ
කරගැට ඔබේ ඳෝතින් පිදෙන 
සුවඳ මල් සුළඟට මුසුවී 
නැඟ ආයෙන් අම්මේ 
ඔබ මට පෙව් ඒ 
ලේ කිරි සුවඳ 
අවඳි වුනා මගෙ 
අතීත මතකය 
සිහිවිය සිත්තම් 
පෙරදා නටබුන් 
සතුටේ කඳුලේ 
ගැළපුන අන්ඳම්... 

ඒත් නොහැක මට 
ආපසු හැරෙනට 
ජේසු සමිඳු ඇත 
පුදසුන අභියස 
දෑත් විදාගෙන 
දෙනෙත් අයාගෙන 
යමු අපි අම්මේ 
දැන් ඔහු හමුවට 
පිසදා ඔබෙ 
ඔය ඳෙකොපුල් උණුකැට 
සමාවෙන්න ඔබෙ 
මෙදෙවෙනි පුතු හට...

පුදමි සමිඳෙ මං 
පූපය සමගින් 
ඇගේ සුවඳ මල්
හා ගෙ කරගැට අත් 
හරවා රුඳිරෙට 
ගෙ කිරි සුවඳත් 
කරන්න සමිඳේ 
ඔබට කැමතිසේ 
ඔබටම භාරයි 
මින් මතු සැමදේ 
මගෙ මුඵ දිවියත් 
මගෙ මව් රුවනත්...