Showing posts with label Koppara Junction. Show all posts
Showing posts with label Koppara Junction. Show all posts

Sunday, July 1, 2012

නෝනා මහත්වරුනී...

















මිළිනව ගිය හිරු අවරට වැටිලා 
රත්වූ පොළොවේ මාවත් පිරිලා 
රතු කහ කොළ එළි ඳැල්වි නිවීලා 
පේළි සැදී රිය සක නැවතීලා... 

කොප්පර හංඳියෙ පාර කඩිසරයි 
රතු ඳැල්වෙන විට මදකට නිසලයි 
වයභට පෙරළෙන සක් සැම නවතියි 
ඇය අත පාමින් රිය ඳොර අයැදියි... 

පහන් කණුවෙ හිඳ ඇගෙ ඳුක කියනවා 
වියරු දෙපය ඇගෙ මහ ගව් ගෙවනවා 
කොළ ඳැල්වී රිය තිරිංඟ බිඳෙනවා 
රතු ඳැල්වෙන තුරු ඇය ඉකි බිඳිනවා... 

රිය අතගාමින් දෙපා යඳින්නේ 
කිරි නේරුනමුත් දරු දුක දන්නේ 
රියතුළේ උනුසුම නැහැ ඇය දන්නේ 
මවකඟෙ ගිංඳර නැද්දොබ දන්නේ...